Friday, June 19, 2009

නදී ගංගා තරණයේ


නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රඛිලයක් සේ..
නොසැලී මායන මාවතේ
සිංහ ලෝකයේ
සුළන් රැල්ලේ දැවටිලා
මන්ද මාරුතයේ
සොයා යන්නෙමි
ගලා එන මණ්දාකිණී
හමා යමි හමු වෙන තුරා
ජීවිතේ උතුම් පැතුමන් හා
නිරතුරුව අභිමානයෙන්
මංමුලා නොවේ කිසිදා
ජවය මා සතු වේ
දිරිය ගන්නෙමි
ගලා යන දහසක් නදී බලා
සිටි මා එනතුරා
නිරතුරුව අභිමානයෙන්

  ©Template by Dicas Blogger.